දුරස්ථ ග්‍රහණ ගෝචර තාක්ෂණය (චන්ද්‍රිකා ඡායාරූප) හා ශ්‍රී ලංකාව.
Remote Sensing and GIS නොහොත් දුරස්ථ ග්‍රහණ ගෝචර සහ භූගෝලීය තොරතුරු පද්ධතිය
යන තාක්ෂණ මගින් ශ්‍රී ලංකාවේ ආයතන තුළ දැනට ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික ක්‍රමවේදයන් ඔස්සේ බලාපොරොත්තුවන ප්‍රතිඵලයන් අතික්‍රමණය කරමින් ශ්‍රී ලාංකිකයන් හට වඩා ගුණාත්මක යාවත්කාලීන සේවාවන් සැපයීමට හැකිවනු ඇත.
මේ සඳහා ශ්‍රී ලංකාව සතුව චන්ද්‍රිකාවක් නොතිබුණත් ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා ඡායාරූප විශාල ප්‍රමාණයක් අප හට කිසිදු මුදලක් වැය වීමකින් තොරව ලබාගැනීමට පහත ආයතන මගින් හැකියාවක් පවතී.
1.esa
2.earthexplorer
3. nasa
මීට අමතරව තවත් බොහෝ සේවාවන් තුළින් චන්ද්‍රිකා ඡායාරූප ලබාගත හැක.
චන්ද්‍රිකා ඡායාරූප ඉහත සඳහන් සේවාවන් තුළින් ලබා ගන්නා ආකාරය ඉදිරියේදී මෙම වෙබ් අඩවි තුලින් බලාපොරොත්තු වන්න.
ආරම්භයක් ලෙස මෙම චන්ද්‍රිකා ඡායාරූපයන්ගෙ භාවිතය සහ එහි ප්‍රයෝජන පිළිබඳව කෙටි හැඳින්වීමක් පහත දැක්වේ
චන්ද්‍රිකා ඡායාරූප මගින් කෘෂි කර්මාන්තය වැඩි දියුණු කිරීම.
අප කවුරුත් දන්නා ආකාරයට මානව සම්පතහි පැවැත්ම ආහාර සැපයීම මත තීරණය වේ. කෘෂිකර්මාන්තය මුළු ලොවෙහිම ආහාර සැපයීමේ පදනම වේ. දේශගුණික විපර්යාස, කාලගුණික විපර්යාස, ජලය ලබා ගැනීමේ වාරිමාර්ග ක්‍රමවේදයන්, පසෙහි තත්වයන් ගොවීන්ට බරපතළ අභියෝගයන් ගෙනදෙන සාධකයන් වේ.
කෘෂිකාර්මික ප්‍රතිපත්ති සම්පාදකයින්ට ආහාර නිෂ්පාදකයින්ට කෘෂි විද්‍යාඥයින්ට සහ ඵලදායිතාව මෙන්ම ලාභය වැඩි කර ගැනීමට බලාපොරොත්තු වන ගොවීන්ට ද දුරස්ථ ග්‍රහණ ගෝචර තාක්ෂණය මහත් රුකුලකි.
චන්ද්‍රිකා ඡායාරූප මගින් කෘෂිකර්මාන්තය තවදුරටත් වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන් ලොව පුරා දිගින් දිගටම පර්යේෂණ සිදුවෙමින් පවතී.
ඉන්දුනීසියාව, තායිලන්තය වැනි අග්නිදිග ආසියානු රටවල් ඉන්දියාව, බංග්ලාදේශය වැනි දකුණු ආසියානු රටවල් මෙන්ම ලොව පුරා රටවල් බොහොමයක් තමන්ගේ කෘෂිකාර්මික කටයුතු සඳහා මෙම දුරස්ථ ග්‍රහණ ගෝචර තාක්ෂණය භාවිතා කරනු ලැබේ.
මේ සම්බන්ධව විස්තරාත්මක පර්යේෂණ වාර්තා ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.
වනය සහ වනජීවීන් සුරැකීම
ශ්‍රී ලංකාව මෙන්ම ලොව පුරා රටවල පවතින විශාලතම අර්බුදයක් වන වනාන්තර එළි වීම එමෙන්ම වන ජීවීන්ගේ වඳ වීම.
වනය සහ වන ජීවීන් සුරැකීමේ ආයතනයන් සඳහා චන්ද්‍රිකා ඡායාරූප යන්ගෙ විවිධ යෙදවුම් උපයෝගී කර ගත හැක.
ආපදා කළමනාකරණ
දුරස්ථ ග්‍රහණ ගෝචර තාක්ෂණය ආපදා කළමනාකරණය සඳහා බොහෝ උපකාර ගෙනදේ. ගංවතුර, නියඟ, නායයෑම් වැනි ආපදා හඳුනාගැනීම කළමනාකරණය කිරීම මගින් අවදානම අවම කිරීම.
තවද ආපදාවකදී මුලපිරීම් වලට සහාය වීමට ගැලවීමේ මෙහෙයුම් සංවිධානයට පූර්ව හා පසු ආපදා තත්ත්වයන් කළමනාකරණයට ද බෙහෙවින් අවශ්‍ය මූලික කාරණා මෙමගින් ඉතා ඉක්මනින් සපයා ගත හැකි වීම ඇතුළුව තවත් බොහෝ කර්තව්‍යයන් මෙමගින් සිදු කරගත හැකිය.
නාගරික සංවර්ධනය නාගරික ව්‍යාප්තිය, භූගෝලීය විපර්යාස, සංවර්ධන ව්යාපෘති කළමනාකරණය කටයුතු ඇතුළුව තවත් බොහෝ භාවිතයන් පවතී.
Commentaires